ඡන්ද පත්‍රිකාවලින් මිලියන 12ක් මුද්‍රණයකර අවසන් – රජයේ මුද්‍රණාලාධිපති

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 14ක ඡන්ද පත්‍රිකා මුද්‍රණයකර මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර පවසනවා.

සමස්ත ඡන්ද පත්‍රිකාවලින් මිලියන 12ක් පමණ මුද්‍රණයකර අවසන් බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව පළාත් පාලන ආයතන 339න් පළාත් පාලන ආයතන 249ක සියලුම මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපතිවරයා අද (12) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර අධිකරණ තීන්දු අනුව ඇතැම් පළාත් පාලන ආයතනවලට අදාළ ඡන්ද පත්‍රිකා යළි මුද්‍රණය කිරීමට සිදුවන බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් එම සංශෝධනයන් ලිඛිතව රජයේ මුද්‍රණාලය වෙත භාරදුන් පසු එම මුද්‍රණ කටයුතු සිදුකර බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?