අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාලව, ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයාට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.
ලිපියක් මඟින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ ලබන 17 වනදා පෙරවරු 9.30ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙසයි.
කෙසේ වෙතත් එම දිනය තුළ තමන් සහ තම නීතිඥයින් කොළඹ රැඳී නොසිටින බැවින් එහි පැමිණීමට වෙනත් දිනයක් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි හිටපු ජනධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකර තිබූ ලිපිය පහතින්..
















