චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 125% දක්වා ඉහළ දමයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු ප්‍රතිපත්තිය මත ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ යුද්ධයකට මුලපුරා ඇති චීනය, ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 125% දක්වා ඉහළ දමා තිබෙනවා.

එක්සත් ජනපදය විසින් චීන භාණ්ඩ සඳහාවන තීරු බදු 145%ක් දක්වා ඉහළ දැමීමට ප්‍රතිචාර ලෙස චීනය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එක්සත් ජනපද ආනයන සඳහා නව 125% ක තීරු බද්ද හෙට සිට ක්‍රියාත්මක කරන බවයි චීනය පවසන්නේ.

ඇමරිකානු ආනයන සඳහා චීනය මීට පෙර පනවා තිබුනේ 84% ක තීරු බද්දක්.

ඇමරිකාව විසින් පනවන ලද අසාමාන්‍ය ලෙස ඉහළ තීරු බද්ද, ජාත්‍යන්තර හා ආර්ථික වෙළඳ නීති, මූලික ආර්ථික නීති සහ සාමාන්‍ය බුද්ධිය බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි චීනය වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර එක්සත් ජනපදයේ මෙම හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමට චීනය සමඟ එක්වන ලෙසයි ජනාධිපති ෂී ජින් පිං, යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14