ඝාතකයෙකු ගිනි අවියක් සමග ගුවන්තොටේ දී අත්අඩංගුවට

කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගිනි අවියක්, එයට යොදන පතොරම් 12ක් සහ පතොරම් ගැබක් සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (09) දින රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු 41 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවත් ඔහු ප්‍රභාත් කෝකිල මෙන්ඩිස් නමැති රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු ගුවන් මගියෙකු පිටත් කර හැරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී, ඔහු කිසියම් අවශ්‍යතාවක් සඳහා බිමට පහත් වී සිටියදී, ඔහුගේ ඇඳ සිටි කලිසම් සාක්කුවේ රඳවා තබාගෙන සිටි මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවිය, එම පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරීවල නිරත වී සිටි පොලිස් සැරයන්වරයෙකුට නිරීක්ෂණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

මෙම ගිනි අවිය සඳහා සැකකරු හට බලපත්‍රයක් නොතිබුණ අතර මහජනතාව අධික ලෙස ගැවසෙන, සිවිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක පිටත්වීමේ පර්යන්තයේ මෙවැනි ගිනි අවියක් තබා ගෙන සිටීම දැඩි වරදක් වනු ඇති.

පසුව ඔහු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත රැගෙන ගොස් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේ දී සී – ඉසෙඩ් – පී – 10- සී. වර්ගයේ මිලිමීටර් 09 චෙකෝස්ලොවේකියාවේ නිෂ්පාදිත ජී.- 452056 දරන ගිනිඅවිය, එයට යොදන පතොරම් 12ක් තවත් අතිරේක පතොරම් ගැබක් සහ රුපියල් 97,000ක මුදලක් ද පොලීසිය විසින් සොයාගනු ලැබුවා.

මෙම පුද්ගලයා 2018 දෙසැම්බර් 20 වැනි දින ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබදව චෝදනා ලබා ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක එම්.ජී.චන්දන සහ පොලිස් සැරයන් පතිරත්න යන නිලධාරීන් විසින් සිදු කෙරුණා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පුද්ගලයා සහ සන්තකයෙහි පැවති ගිනිඅවිය, පතොරම් සහ මුදල් තොගය පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18