හොරෙන් මෙරටට ගෙන්වූ ලක්ෂ ගාණක බඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක, ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගියෙකු ද සමග අද (10) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු 43 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවත් හෙතෙම කොළඹ – ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද දසත ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

සැකකරු අද පෙරවරු 09.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 2459 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවත් වාර්තාවනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ ලැප්ටොප් පරිගණක 35ක්, ටැබ් පරිගණක 03ක්, අයිෆෝන් 10ක්, මෙමරි කාඩ්චිප් 100 ක් සහ සපත්තු තොගයක් තිබූ බවයි පැවසෙන්නේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ තොගය කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද ප්‍රදේශයේ පිහිටි රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30