දේශබන්දුව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කමිටුව පත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කමිටුව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද (08) ඒකමතික ව සම්මත කෙරුණා.

එම යෝජනාව සම්මත කිරීමට නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ද සිදු කිරීමටයි කටයුතු කෙරුණේ.

එහිදී එම යෝජනාවට පක්ෂ ව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 151ක්.

නමුත් දේශබන්දු තෙන්නකෝන් මහතා ව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාවට අද දිනයේ දී විපක්ෂව කිසිදු ඡන්දයක් හිමිවූයේ නැහැ.

මෙම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසින් අද පස්වරුවේ සභාගත කෙරුණා.

විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙලෙස පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවටයි යෝජනා කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?