Indian Premier League

ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට යැවීම නවතා දමයි

එක්සත් රාජධානිය පදනම් කරගත් සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ජගුවාර් ලෑන්ඩ් රෝවර් සමාගම සිය නිෂ්පාදනයන්වන ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට නැව්ගත කිරීම නතර කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විදේශීය නිෂ්පාදිත මෝටර් රථ සඳහා දැඩි තීරුබදු පැනවීමෙන් පසු මෙලෙස එම මෝටර් රථ ඇමරිකාවට අපනයන කිරීම අත්හිටුවූ බවයි එම සමාගම පැවසුවේ.

ජගුවාර් ලෑන්ඩ් රෝවර් සමාගමේ වාර්ෂික නිෂ්පාදනයෙන් හතරෙන් එකක් පමණ එක්සත් ජනපදයට අපනයනය කරනු ලබනවා.

එම සමාගම පැවසුවේ දැඩි තීරුබදු පැනවීමට දිගුකාලීන විසඳුම් සකස් කරන තෙක් කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් ලෙස අපනයනය කිරීම් අත්හිටුවන බවයි.

සමස්තයක් වශයෙන්, එක්සත් රාජධානියේ නිපදවන මෝටර් රථ අටෙන් එකක් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබනවා.

ට්‍රම්ප් විසින් පනවන ලද නව වෙළඳ නීති මගින් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේ සෘජු රැකියා 25,000 කට වඩා අවදානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?