දේශබන්දුට පලා යාමට ජීප්රිය දුන් කෝටිපති ව්‍යාපාරිකයාගේ වාහනයේ GPS නිරීක්ෂණයට අවසර

වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට සැඟවී සිටින්නට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු වන පොලිස් කොස්තාපල් මහේෂ් උදාර සහ කෝටිපති ව්‍යාපාරික සුරංග සංජීව වීරසූරිය යන විත්තිකරුවන්ගේ නඩුව මැයි 22 වැනි දින කැඳවීමට නියෝග කර තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන්ගේ නඩුව කැඳවන අවස්ථාවේ දී මම මෙම නඩුව ද කැඳවා ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දියි.

එදින නඩුවේ විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙස පොලිසිය වෙනුවෙන් නඩුව මෙහෙයවූ පොලිස් පරීක්ෂකවරයා හට අධිකරණය නියෝග කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමටත්, පලා යාමටත් සිය සුපිරි ජීප් රිය ලබාදීමේ චෝදනාවට කෝටිපති ව්‍යාපාරිකයාගේ රථයේ GPS නිරීක්ෂණය කිරීමට ද පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

මේ අතර නඩුව මෙහෙයවන පොලිසිය පවසා ඇත්තේ අදාළ සුපිරි ජීප් රිය ලියාපදිංචි කර ඇත්තේ වයස අවුරුදු 66ක් වන කාර්මිකයෙකුගේ නමට බවත්, ව්‍යාපාරිකයාගේ නමට අදාළ වාහනය නොමැති බවට හෙළි ව තිබෙන බවයි.

මේ හේතුවෙන් අදාළ වාහනයේ GPS නිරීක්ෂණයට පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නා.

මෙම නඩුවේ නියෝගය මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් ලබාදෙනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

  1. ඉස්සෙල්ලාම ඔය වාහනෙ ගන හොයලා බලන්න හොරට රෙජිස්ටර් කරපු එකක්ද කියලා.එත කොට තවත් හොරු සෙට එකක් අල්ලගන්න පුලුවන් වෙයි.

  2. මූ වටේ ඉන්නේ සේරම හොරු අපරාද කාරයෝ.. විතරයි.. ඉතින් මෙහෙම එකෙක් රට පොලිස්පති වුනහම කොහොමද රට..?

  3. දේශබන්ධු වගේ එකෙක්ව පොලිස් පති කරපු රනිල්වත් අධිකරණයට ගේන්න ඕනා. අනිවාර්යයෙන්ම උං අතරෙ තියෙන ඩීල් එක මොකක්ද කියලා එතකොට අහුවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46