දුමින්ද සිල්වාට ලබා දුන් තීරණය අත්හිටුවයි ද? – තීරණය මැයි 08

නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව තමන් ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් ගන්නා ලද පියවර අත්හිටුවා යළි බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආර්. දුමින්ද සිල්වා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම ලබන මැයි 08 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරු මඬුල්ල දින නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ එදිනට පෙර සීමිත විරෝධතා ලිඛිත ව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් කරුණු තහවුරු කිරීමට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශ ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කෙරුණු බවයි.

සිය සේවාදායකයා වෙඩි ප්‍රහාරයකට ගොදුරුව හිසට බරපතළ තුවාල ලබා ශල්‍යකර්ම කිහිපයකට ද ලක් වූ අයෙකු වන බැවින් යළිත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියා.

මරණ දඬුවම නියම වූ පසු පෙත්සම්කාර ආර්. දුමින්ද සිල්වා මහතා වසර ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂිත නේවාසික වාට්ටුවක ප්‍රතිකාර ලැබුවේ එක්තරා වෛද්‍යවරයෙකුගේ තනි නිර්දේශය මත බවත් මෙලෙස එක් පුද්ගලයෙකුට පමණක් සුවිශේෂී වරප්‍රසාද අනෙක් සිරකරුවන් ද ඉල්ලා සිටීමට ඉඩ ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නා.

යහමින් මුදල් හා වෙනත් හේතූන් මත ඔහු වැනි පිරිසකට එවැනි සුවිශේෂී වරප්‍රසාද ලබාදීම අනෙක් සිරකරුවන් හා රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය හැකි යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
32
+1
3
+1
7
+1
4
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?