ඉඩම්තොට දී මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අත් උදව් දුන් අයෙක් අල්ලයි

මාර්තු මස 14 වන දින සවස් කාලයේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (01) දහවල් කාලයේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?