මියන්මාරයට චීනයෙන් යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක්

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා.

උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ මියන්මාර රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීනය වහාම මෙම ආධාර ලබාදීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Li Ming ඊයේ (29) පස්වරුවේ මේ බව තහවුරු කළා.

එමෙන්ම චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට විපතට ලක් වූ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර සැපයීමට ද එක්ව තිබෙනවා.

ඒ, වෙනුවෙන් චීන රතු කුරුස සංගමයේ මුදාගැනීමේ කණ්ඩායම් අදාළ මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහා මියන්මාරය බලා ‍ගොස් ඇති බවත් සඳහන්.

රික්ටර් පරිමාණයේ ඒකක 7.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් පසුගිය 28 වනදා පස්වරුවේ මියන්මාරයේ සිදු වූ ප්‍රබල භූමිකම්පනයෙන් සිදු වූ ආපදා තත්ත්වයෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වුණා.

එරට රාජ්‍ය පරිපාලන කවුන්සිලය අනාවරණය කළ නවතම දත්තවලට අනුව, මේ දක්වා ඉන් මියගිය සංඛ්‍යාව 1600 ඉක්මවා ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව ද 3000 ඉක්මවා ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම සුන්බුන් අතර සිර වූ තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බව ද විදෙස් වාර්තාවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43