Empty Ad
AFC Banner
Empty Ad

දෙවුන්දර වෙඩිල්ලට බිළි වූ පසිඳුගේ අවසන් කටයුතු අද – ධීවර රැකියාවට ගිය පියාත් ගොඩබිමට එයි

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට සිංහාසන මාර්ගයේ දී පසුගිය 21 වනදා රාත්‍රියේ දී සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය පසිඳු තාරකගේ අවසන් කටයුතු අද (29) දිනයේ සිදුකිරීමට නියමිතයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව පසිඳු තාරක ඝාතනයට ලක්වන අවස්ථාවේ දී ඔහුගේ පියා ධීවර රැකියාවට මුහුදු ගොස් තිබූ අතර, පියා යළි ගොඩබිමට පැමිණෙන තෙක් පසිඳුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම පමා කිරීමට ඥාතීන් තීරණය කර තිබුණා.

ඒ, අනුව පසිඳුගේ පියා අද දිනයේ ගොඩබිමට පැමිණ තිබූ අතර, ඒ අනුවයි පසිඳු දේහය පිළිබඳ අවසන් කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිතව ඇත්තේ.

මෙම වෙඩි තැබීමෙන් පසිඳු තාරකට අමතරව යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ද ඝාතනයට ලක් වුණා.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ යොමේෂ් නාදීශාන් නැමැත්තා වන අතර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගී වී මොවුන් දෙදෙනා යතුරුපැදියකින් නැවත නිවෙස් වෙත පැමිණෙමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පිරිසක් වෙඩි තබා පළාගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>