පොලිස් දෙපාර්තමේන්තුව හා අධිකරණය යන ආයතන දෙක මනා ලෙස ක්‍රියා නොකළහොත් සාමාන්‍ය ජනතාවට ඒ ආයතන දෙක කෙරෙහි ඇති විශ්වාස බිඳ වැටීමට ඉඩ ඇති බවත්, ඉන් මිනිසුන් තමාගේ ආරවුල් තමා ම විසඳා ගැනීමට පෙළඹීමෙන් එය අනීතික අපරාධකාරී තත්ත්වයන් කරා යාමක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, එහි උච්චතම අවස්ථාවේ දී පුද්ගලයන් නීතිය තම අතට ගනු ඇති බවත් ඉන් සිදුවන්නේ නියත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක සමාජයේ පදනම වළපල්ලට යාමක් බවයි.
ජපන් තානාපති කාර්‍යාලයේ සම්බන්ධීකරණයෙන් ජයිකා ආයතනය, වර්ල්ඩ් විෂන් ආයතනය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දායකත්වයෙන් දිවයිනේ තෝරාගත් පොලිස් ස්ථාන 14ක කාන්තා හා ළමා ආරක්ෂණ ඒකක ඉදි කරන අතර එහි 8 වන ගොඩනැගිල්ල කළුතර දකුණ පොලිස් ස්ථානයේ දී ආරම්භ කිරිමේ අවස්ථාවට අද (27) එක්වෙමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මේ බව සඳහන් කළා.














Nubala nisi lesa boru nokiya mada nogasa gobbayo wga enowee weda nokaloth wenade me palath saba mathiwaranedi balanna