රේගු බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන යළිත් කතාබහක් කාරක සභාවේ දී මතුවෙයි

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා පළමුවැනි රැස්වීම පසුගියදා (19) දින කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පසුගිය කාලයේ ඇති වූ බහාලුම් තදබදය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙහිදී විමසීම් සිදු කළා.

මෙය රජයේ වුවමනාව මත සිදු කළා යැයි රජයට ඇතැම් පාර්ශ්ව දේශපාලනික ව චෝදනා කරන බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කිරීමක් නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් සමාජගත කළ යුතු බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දක්වමින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙවැනි තදබදයක දී අනුගමනය කරන තාක්ෂණික ක්‍රමවේදයක් ලෙස මීට පෙර අවස්ථා 4කදීත් මෙලෙස කන්ටේනර් නිදහස් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන්ට මෙම කරුණු වාර්තා කළ බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත් කරමින් ව්‍යාජ තොරතුරු සංසරණය වන බැවින් ඉතා පැහැදිලි ව මෙම සිදුවිීමට අදාළ කරුණු නිරවුල් විය යුතු බවයි.

සමාජ සුබසාධන මණ්ඩලය විසින් අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා මීට පෙර රැස්කළ තොරතුරුවල ගැටලු
පවතින බව මන්ත්‍රීවරු මෙහිදී කාරක සභාවේ අවධානයට යොමු කළා.

මේ සඳහා දත්ත රැස්කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් එයට අකමැත්ත පළ කිරීම හේතුවෙන් විවිධ පුද්ගලයන් මෙයට සම්බන්ධ වූ බවත් ඒ හරහා දත්ත එකතු කිරීමේ දී සිදු වූ අඩුපාඩු සිදු වූ බවත් සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසුවා.

ඉල්ලුම්පත්‍ර ලක්ෂ 8කට ආසන්න ලැබූ බවත් මින් ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් සංගණන කටයුතු අවසන් බවත් ඒ අනුව පෙර පැවති අඩුපාඩු සකස් කර ලබන ජූලි වන විට එම කටයුතු අවසන් කරන බවත් ඔහු පැවසූ බවයි වාර්තා වන්නේ.

සංගණනයේදී සත්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමිවිය යුතු ප්‍රද්ගලයන් ඉවත් නොවීමට වගබලා ගත යුතු බවත් මන්ත්‍රීවරු අවධාරණය කළා.

එසේම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමේ වෙනස්වීම් සකසා ගැනීම වැනි සුළු යාවත්කාලීන කිරීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීමට අවස්ථාව ලබාදීමේ අවශ්‍යතාව ද ඔවුහු මෙහිදී පෙන්වා දුන්නා.

අස්වැසුම ලාභීන්ට වැඩිහිටි දීමනාව ලබාදීමේදී ප්‍රතිලාභියාටම එය නොලැබී පවුලේ සාමාජිකයෙකුගේ බැංකු ගිණුමට බැරවීම හරහා ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් අදාළ මුදල තැපැල් කාර්යාල හරහා පමණක් ලබා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් ද ඉදිරිපත් වුණා.

මෙහිදී සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමග සාකච්ඡාකර වඩාත් ප්‍රායෝගික තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.

දේශීය ආදයම් පනත සංශෝධනය කිරීම මගින් 15% ක සේවා අපනයන බද්දක් අයකිරීම පිළිබඳව ද මන්ත්‍රීවරු මෙහිදී කරුණු විමසුවා.

මුදල් නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ සාධාරණ බවේ මූලධර්මය යොදා ගනිමින් මෙම 15% උපරිම සීමාවකට යටත්ව මෙම පියවර ගත් බවයි.

එසේම මෙම මෙම 15% අගය ලැබෙන ආදායම මත අය කරන බවට වැරදි මතයක් සමාජගත වන බවත් එම බද්ද ආදායමට නොව ලාභයට පමණක් අය කරන බවත් ඔවුහු පෙන්වා දුන්නා.

එක් රටක දී බදු ගෙවනු ලැබූ විට නැවත බදු අයකිරීම වැළැක්වීමට හෙවත් ද්විත්ව බදුකරණය වැළැක්වීමට පියවර ගෙන ඇති බවත් ඔවහු පෙන්වා දුන්නා.

එසේම 36%ක උපරිම සීමාවකට යටත්ව අනෙකුත් පුද්ගලයන් ආදායම් බදු ගෙවන පසුබිමක මෙම බදු අය කිරීම 15%ක උපරිම සීමාවකට යටත්ව සිදුකරන බවත් අගය මීට පෙර මේ සදහා යෝජනා වී තිබූ 30%ක අගය අඩකින් අඩුකර 15% අගයට ගෙනා බවත් නියෝජ්‍ය අමාත්‍යවරු පෙන්වා දුන් බවයි පැවසෙන්නේ.

ඒ අනුව සමාජ සාධාරණත්වය පදනම් කරගනිමින් සියලු දෙනා බදුකරණයට යටත් කර ගැනීම වෙනුවෙන් ගත් මෙම තීරණයෙන් කිසිවකුටත් අගතියක් සිදු නොවන බවත් ඔවුහු අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26