මැතිවරණ වියදම් නියාමන පනත උල්ලංඝනය කළ 13 දෙනකුට එරෙහිව නඩු

පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 13ක් මෙම මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මේ වන විටත් කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 1239කට එරෙහිව මේ වන විට විමර්ශන ආරම්භ වී ඇති බවත්, ඒ අනුව මෙම පළාත් පාලන මැතිවරණයේ දී ද මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු කරන මෙන් අපේක්ෂකයන් ඇතුළු අනෙකුත් තැනැත්තන්ගෙන් ඉල්ලා සිටිනා බවත් ඔහු පැවසුවා.

ඉදිරි මැතිවරණ කාලසීමාව තුළ ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන අවස්ථාවල දී අවශ්‍ය කරන ආරක්ෂාව ලබාදීම සඳහා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය කරන අමතර නිලධාරීන් වෙනත් පොලිසි ස්ථාන මගින් ලබාදීමටත් මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25