කැලණිය සරසවි ඇදුරාගේ බිරිඳත් දින කිහිපයකට පසු ජීවිතක්ෂයට

පසුගියදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද (26) දිනයේ දී ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි ඇය ද පසුගියදා සිදු වූ රිය අනතුරින් පසුව බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් යුතු ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පසුබිමකදියි මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ.

සතිෂා නිලන්ති නමැති මරණකාරිය ද විශ්වවිද්‍යාල කථිකාචාර්‍යයවරියක්.

පසුගිය දා ආචාර්යවරයා සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳගේ පවුලේ උදවිය සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව තිබුණා.

ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ දී යි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ අනතුරකින් ආචාර්ය ගයන්ත මහතා ඒ මොහොතේම ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ, බිරිදගේ බාල සහෝදරයා හා බිරිඳගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර බිරිඳගේ මව හා දරුවන් තිදෙනා ම සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණා.

එම අනතුරෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි සතීෂා නිලන්ති මහත්මියගේ සහෝදරයා ද පසුගියදා ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුගේ අවසන් කටයුතු පෙරේදා (24) බොරැල්ල කනත්තේ දී සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

අද දිනයේ දී ජීවිතක්ෂයට පත් වූ සතීෂා නිලන්ති මහත්මිය මියයන විට 42 හැවිරිදි වියෙහි පසුවූ තුන් නිවුන් දරුවන්ගේ මවක්.

මෙම රිය අනතුරින් මේ වනවිට පුද්ගලයින් තිදෙනෙකුට ජීවිත අහිමි වුණා.

සතිෂා නිලන්ති මහත්මිය කොළඹ ගෝතමී බාලිකා ව්ද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර 1983 වර්ෂයේ උපත ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
13
+1
0
+1
2
+1
195
+1
9
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43