Empty Ad
AFC Banner
Empty Ad

රේගු කනෙන් රිංගා ගෙන්වූ අධි සුඛෝපභෝගී වාහන 19ක් අත්අඩංගුවට ගැනීමට නියෝග

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි වී රේගුවට නිසි බදු මුදල් නොගෙවා මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 19ක් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගු භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය අද (25) නිකුත් කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි කර රේගුවට ගෙවිය යුතු නියමිත බදු වටිනාකම නොගෙවා රජයට පාඩු සිදු කරමින් මෙරටට ආනයනය කරන ලද වාහන 19 ක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බව පැවසුවා.

එම වාහන අත්අඩංගුවට ගෙන රේගු බාරයට පත්කොට විමර්ශන සිදු කිරීම සඳහා අවසර දෙන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අදාළ වාහන අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගු භාරයට පත් කිරීමට අවසර ලබා දුන්නා.

මේ ආකාරයෙන් 2015 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ වංචනික ලෙස රජයට පාඩු සිදු කරමින් මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 200 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අතර ඉන් රජයට අහිමි වූ බදු වටිනාකම රුපියල් කෝටි පන්සියයකට අධික බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙසේ ගෙන්වන ලද වාහන 200 අතුරින් වාහන 16 ක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන රේගු භාරයට පත්කොට වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවත් අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22
Video thumbnail
රනිල් හදිසියේ අදත් ජාතිය අමතයි - මියන්මාරය ගැන රනිල් සංව්දී වෙයි
04:29
Video thumbnail
අසේල - විමල්ට කනේ ඇබ ගහගන්නම දෙසයි
05:34
Video thumbnail
කොළඹ 07 හොල්ලපු විමල්ගේ සෙට් එක - තත්ත්වය බරපතලයි - පොලිසියත් කැඳවයි
11:13
Video thumbnail
අප්‍රේල් 04 සුබ නැකතට පොහොට්ටුව කරන්න යන වැඩේ
02:43
Video thumbnail
දුමින්ද හුලංගමුව මීලග මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට ?
18:08

?