රේගු කනෙන් රිංගා ගෙන්වූ අධි සුඛෝපභෝගී වාහන 19ක් අත්අඩංගුවට ගැනීමට නියෝග

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි වී රේගුවට නිසි බදු මුදල් නොගෙවා මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 19ක් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගු භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය අද (25) නිකුත් කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි කර රේගුවට ගෙවිය යුතු නියමිත බදු වටිනාකම නොගෙවා රජයට පාඩු සිදු කරමින් මෙරටට ආනයනය කරන ලද වාහන 19 ක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බව පැවසුවා.

එම වාහන අත්අඩංගුවට ගෙන රේගු බාරයට පත්කොට විමර්ශන සිදු කිරීම සඳහා අවසර දෙන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අදාළ වාහන අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගු භාරයට පත් කිරීමට අවසර ලබා දුන්නා.

මේ ආකාරයෙන් 2015 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ වංචනික ලෙස රජයට පාඩු සිදු කරමින් මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 200 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අතර ඉන් රජයට අහිමි වූ බදු වටිනාකම රුපියල් කෝටි පන්සියයකට අධික බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙසේ ගෙන්වන ලද වාහන 200 අතුරින් වාහන 16 ක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන රේගු භාරයට පත්කොට වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවත් අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කර තිබෙනවා.

  1. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පියන්ගෙ පටන් සභාපති දක්වාම ඉන්නෙ දුශිත නිලදාරින් .තවමත් මොවුන් වෙනුවෙන් නිතිය ක්‍රියත්මක ඌනෙ නැහැ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03