Empty Ad
AFC Banner
Empty Ad

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති (ඡායාරූප)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිරිනමා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටින බවයි.

ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් (Mr. Remi Lambert), පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් (Mr.Ihab I.M. Khalil) නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (Dr. Purna Bahadur Nepali) යන මහත්වරුන් මෙලෙස පත් ව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

WhatsApp Image 2025 03 24 at 13.57.43
WhatsApp Image 2025 03 24 at 13.57.42 1
WhatsApp Image 2025 03 24 at 13.57.42
WhatsApp Image 2025 03 24 at 13.57.41 1
WhatsApp Image 2025 03 24 at 13.57.41
WhatsApp Image 2025 03 24 at 13.57.40 1
WhatsApp Image 2025 03 24 at 13.57.40
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?