අධිවේගයටත් දැඩි සීමා! අධිවේගයේ මෙතනින් එහාට යන්න බෑ

පළාත් අතර සංච‍රණ සීමා පැනවීම සමඟ අධිවේගී මාර්ගයට වැලිපැන්නෙන් දකුණු පළාතට යාමත්, දකුණු පළාතෙන් ඒමත් දැඩි නීති යටතේ සිදු කරන බව වාර්තා වේ.

ඒ අනුව අත්‍යඅවශ්‍ය සේව හැර, කිසිදු පුද්ගලයකුට හෝ වාහනයකට පළාත් අතර සංචරණයට ඉඩ නොදෙන බව සඳහන් කරයි.

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩ මහතා සඳහන් කළේය.

ඒ අනුව පළාත් තුළ පමණක් ප්‍රවාහන පසුකම් සිදු වන අතර අන්තර් පළාත් ප්‍රවාහනය ඊයේ මධ්‍යම රාත්‍රීයේ නතර කර තිබේ. මීට පෞද්ගලික හා ලංගම සියලු බස් රථ ඇතුලත් වේ.

දිනකට අන්තර් පළාත් අතර ප්‍රවාහන බස් රථ 3500 ධාවනය වන වේ.

කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ පළාත් අතර සංචරණ සීමා පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.

කොවිඩ් පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමා ඒ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් මාලාවක් දුන් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් එම සීමා කඩකරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08