දේශබන්දුගේ කෑම ඉල්ලීම ගැන සලකා බලයි

මේ වනවිට රක්ෂික බන්ධාගාර ගතකර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, තමාගේ ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කර ඇති ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ එලෙස ඉදිරිපත් කරන හේතු සාධකසැලකිල්ලට ගනිමින් ඔහුට බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට 2023 වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඒ, අනුව ඔහු මේ වන විට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
14
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23