AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයේ පුරා මිලියන 400කගේ ජීවිත අනතුරේ – කොරෝනාවට වඩා වැඩි විනාශයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝක නගර සැලැසුම් ක්ෂේත්‍රය තුළ පාරිසරික බලපෑම අනාවරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන ලාභ නොලබන ආයතනයක් වන “CDP Worldwide” ආයතනය විසින් ලෝකයේ සියලුම රටවලට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් අනුවයි.

ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන පෙළේ නගරයන්වලට අනාගතයේ දී ඇති වීමට නියමිත දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට හැකියාවක් නොමැති බව එම ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

ගංවතුර තත්ත්වයන්, සූර්යාගේ අධික තාප කිරණ නිසා ඇතිවෙන උෂ්ණත්වය ඉහළ යෑම, වායු දුෂණය වැනි තර්ජනවලට මුහුණ දීමට ලෝකයේ ප්‍රධාන පෙළේ නගරයන් බොහෝමයකට හැකියාවක් නොමැති බව එම ආයතනය අවධාරණය කර තිබේ.

අද (12) දිනයේ නිකුත් කළ මෙම වාර්තා අනුව ලෝකයේ බොහෝරටවල නගර ආශ්‍රිතව ජීවත් වන මිලියන 400ක පමණ ජනතාවගේ ජීවිත අවදානමකට ලක්ව තිබේ.

ලෝකය පුරා නගර 800ක් මුලික කරගෙන කරන ලද විශ්ලේෂණයකට අනුව ඉන් 43%ක් පමණ මෙලෙස අවදානමට ලක්ව ඇති බවට එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි. එමෙන්ම එම වාර්තාවේ සඳහන් වන නගර අතුරින් 93%ක් ම සැලැකිලි යුතු මට්ටමේ පාරිසරික තර්ජනයන් වෙත මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම එම ආයතනය විසින් මෙම නගර වාහම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට හැකි ලෙස නිර්මාණය කරන ලෙස පවසා ඇති අතර ඔවුන් සඳහන් කර සිටින්නේ ප්‍රධාන නගරවල ශාක ඝණත්වය 20%කින්ද, ගං වතුර කලමණාකරණය 18%කින්ද, අපදා කළමණාකර හැකියාවන් 14%කින්ද ඉහළ දමන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?