දෙවුන්දර වෙඩිල්ලේ සිද්ධියට 04ක් අත්අඩංගුවට – සැකකරුවන් අද මහේස්ත්‍රාත්වරයා හමුවට

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී පෙරේදා (21) රාත්‍රියේ වෙඩි තබා දිවිත්ව ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විට සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා අතරේ කාන්තාවක් ද සිටින බවයි වාර්තා වුණේ.

23 සහ 46 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ඊයේ (22) පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අපරාධයට ආධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූවන් ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (23) දිනයේ මාතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ඔවුන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළා.

කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වී යතුරුපැදියකින් පැමිණෙමින් සිටි පසිඳු තාරක සහ යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක් වාං රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඩුබායි හී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36