Empty Ad
AFC Banner
Empty Ad

තනිව වාසය කළ කතකගේ අබිරහස් මරණය

හොරණ පොලිස් වසමේ කිරිගල ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙසේ මියගොස් ඇත්තේ කිරිගල පුදේශයේ පදිංචිි 52 හැවිරිදි වැලිකන්න මොහොට්ටිලාගේ සුජීනා ලංකා නමැති කාන්තාවක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ හොරණ පොලිසියට මරණකාරියගේ ඥාතියෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම කාන්තාව සිය නිවසේ නිදි යහන අසල බිම මියගොස් ඇති බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර අපරාධ පරීක්ෂණ නිලධාරීන් ද ගෙන්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?