ජනපති සහ විශේෂඥ වෛද්‍ය සංගමය අතර සාකච්ඡාවක් (වීඩියෝ)

මෙවර ‘අයවැය’ දත්ත මත පදනම් ව විද්‍යාත්මකව හා සැලසුම්සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති සාකච්ඡාවේදියි.

ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේ දී එම ණය ආපසු ගෙවීමේ දී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, ආර්ථික තිරසාරත්වය කෙරෙහි සිය රජයේ ඉහළම අවධානය යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන්නා.

මෙහිදී විශේෂඥ වෛද්‍ය සේවය සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම මෙන්ම වෘත්තීය ගැටලු පිළිබඳව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.

මෙවර අයවැයෙන් සිදු කරන ලද මූලික වැටුප වැඩි කිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම, දීමනා ලබා දීම, ආදායම් බදු සීමාව ඉහළ නැංවීම පිළිබඳව ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය ප්‍රසාදය පළ කෙරුණා.

සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් සහිත යෝජනා මාලාවක් ද මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ බවයි පැවසෙන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඩී.කේ.එස්.එන් යසවර්ධන මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46