ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේම්කීර්ති ද අල්විස්ගේ ඝාතනය ගැන හඩ්සන් සමරසිංහ වන්දි ඉල්ලයි

මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණයට තමා සම්බන්ධ බවට ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී සිදු කරන ලද අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තම කීර්ති නාමයට විශාල හානියක් සිදු වී ඇති බැවින් එයට වන්දි ලෙස රුපියල් මිලියන 500ක වන්දියක් අය කරදෙන ලෙසට ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු මෙන් ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටිනවා.

අද (18) දින ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතාගේ මෙහෙයවීම යටතේ හඩ්සන් සමරසිංහ මහතා අද දින අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබාදෙමින් මෙම ඉල්ලීම සිදු කළා.

ඒ අනුව තමන් විසින් අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ලේඛන හා සාක්ෂිකාරය විසින් ප්‍රකාශ කරන ලද එම අසත්‍ය ප්‍රකාශය මාධ්‍ය මගින් පළ කළ පුවත්පත් ද පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කර ඇති බැවින් ඒවා අධ්‍යයනය කර තමන් ඉල්ලා සිටින සහන ලබාදෙන ලෙසට හඩ්සන් සමරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පැමිණිල්ලේ සාක්ෂි අවසන් වීමෙන් අනතුරුව විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා එම නඩුව ලබන ජූනි මස 25 වන දින නැවත කැඳවීමට විනිසුරුවරයා එහිදී නියම කළා.

නීතිඥ නිශාන් බාලසූරිය හා නීතිඥ සුමේධ මහවත්තආරච්චි සමග ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
15
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?