සිය පුත්‍රයාගේ මරණයෙන් කම්පනයට පත් වූ මවක් රෝහලේ ගොඩනැඟිල්ලකින් පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස රෝහල් ගොඩනැඟිල්ලෙන් පැන්න කාන්තාවගේ අත්, කකුල් සහ හිසට බරපතල තුවාල සිදුව ඇති අතර; ඇය අජ්මීර් හි ජවහර්ලාල් නේරු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාවගේ 18 හැවිරිදි පුත්‍රයාට පසුගිය බ්‍රහස්පතින්දා යම් ඖෂධයක් පානය කර ඇති අතර, ඒ සමඟ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් තිබෙනවා.
පසුව ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර; දින හතරක කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (16) දින ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.
එහිදී තම පුතාගේ මරණය ගැන දැනගත් 40 හැවිරිදි මෙම කාන්තාව කම්පනයට පත් වී රෝහලේ ගොඩනැඟිල්ලක දෙවන මහලෙන් බිමට පැන සියදිවි නසාගැනීමට මෙලෙස උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.