දේශබන්දු ගොනුකළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ විසින් ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ රිට් පෙත්සමේ තීන්දුව අද (17) දිනයේ ප්‍රකාශයට පත් කෙරෙනවා.

අභියාචනාධිකරණය විසින් මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

2023 වසරේ වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමක දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 27 වනදා නියෝග කළා.

කේසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාන රැසක් පරීක්ෂා කළ ද එම කිසිදු ස්ථානයක ඔහු නොසිටීම හේතුවෙන් තවමත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

එවැනි තත්ත්වයක හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසටදන්වමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 11 වනදා විවෘත වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර පොලිසිය ඊයේ (16) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සෙවීමේ විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32