Empty Ad
AFC Banner
Empty Ad

අම්බලන්ගොඩ දී පොඩි සුද්දාට වෙඩි තැබූ සිද්ධියේ තොරතුරු එළියට

අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් ‘පොඩි සුද්දා’ නැමැති 39 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වුණේ.

කුලීගොඩ, ඉඩන්තොට පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා ඊයේ (14) පසරුවේ අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ඉඩන්තොට හංදියේ පිහිටි බුදු මැදුර අසල රැඳී සිටින අතරතුර මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

⁣යතුපැදියකින් පැමිණි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි මෙම පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?