බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා.
ඒ, සභානායක බිමල් රත්නායක විසින්.
මෙම වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරමින් සභානායක බිමල් රත්නායක සඳහන් කළේ අදාල වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකරන බවයි.
එමෙන්ම මෙම කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළා.
ඊට අමතරව මෙම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තුවන බව ද සභානායකවරයා පවසා සිටියා.
එමෙන්ම මෙම කොමිෂන් සභා වාර්තාවේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් මන්ත්‍රීවරුන්ගේ සහ මාහජනතවගේ පරිශීලනය සඳහා මුද්‍රණය කළ යතු බවට ද යෝජනාවක් සභානායක බිමල් රත්නායක විසින් සිදුකරනු ලැබුවා.
වැඩිදුරටත් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් 28ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවයි.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) දිනයේ මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මෙම සතියේ සඳුදා අමාත්‍ය මණ්ඩල රැස්වූ අවස්ථාවේ දී ගනු ලැබූ තීරණයකට අනුවයි.














Bata lanada witharak nemei. JVP/NPP karapu minee marum ganath hoyanna one. hoyala daduwam denna one. Ape ammala kiwwa JVP/NPP aya a dwaswala eyalage mathwwaadeta kamathi nathi ayage beli kapala watawal wala gahala thibba kiyala dwasa gaane. Hari thisan kattiya meyala balagena yanakota