Empty Ad
AFC Banner
Empty Ad

වැලිවේරිය වෙඩි තැබීමේ සිද්ධිය ගැන සොයන්න විමර්ශන කණ්ඩායම් තුනක්

ඊයේ (13) රාත්‍රියේ වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලැබුවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ඇතුළත් කෙරුනේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලටයි.

මේ අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කණ්ඩායම් 03ක් විමර්ශන අරඹා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුවී ඇති අතර; වෙඩි වැදිමෙන් පසු ඔහු මෝටර් රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර ඇති බවයි අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?