ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පත් කෙරේ

ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා තේරී පත් වුණා.

පෙරේදා (11) දින ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර එහිදියි මෙම පත්වීම සිදු කෙරුණේ.

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මහත්මිය මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වුණා.

මේ අතර ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හසාරා ලියනගේ මහත්මිය තේරී පත් වුණා.

රැස්වීම අමතමින් කතානායකවරයා, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා 1970 වසරේ ආරම්භ වී පසුගිය වසර 55 තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව පෙන්වා දුන්නා.

වෙළඳාම, ආයෝජන, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ අධ්‍යාපනය ඇතුළු විවිධ අංශ හරහා දෙරට අතර සහයෝගය වර්ධනය වී ඇති බව ද මෙහිදී ප්‍රකාශ කළා.

වෙළඳාම සහ ආයෝජන අංශවල කලාපය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන වියට්නාමය සමඟ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කතානායකවරයා විසින් අවධාරණය කරන ලද අතර එරට ජාතික සභාවේ උප සභාපති නුයෙන් ඩක් හායි (Nguyen Duc Hai) මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වියට්නාමයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2025 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද කතානායකවරයා මෙහිදී සඳහන් කළා.

දූත පිරිස ගෞරවයෙන් පිළිගනිමින් ඵලදායී සාකච්ඡාවල නිරතවීමට අපේක්ෂා කරන බවත් කතානායකවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14