නාමල් පැටලුණු ක්‍රිෂ් නඩුවේ විමර්ශන අවසන් ද නැද්ද – අධිකරණයෙන් ප්‍රශ්නයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් ද නැද්ද යන්න අධිකරණයට දැනුම්දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (12) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග‍යක් නිකුත් කළා.

අදාළ නීති කෘත්‍යයට අදාළ නඩු ගොනුව මහාධිකරණයට යොමු කර ඇති බැවින් පරිශීලනය කිරීමට නඩු ගොනුව නොමැති බවත් ලබන මාර්තු මස 26 වැනිදා වාර්තාවක් ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියා.