මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වන කාලික වකුගඩු රෝගීන්ගේ අගය 14%ක් -එය බරපතළ තත්ත්වයක්

ලෝකයේ ජනගහනයෙන් සියයට 10ක පමණ ප්‍රමාණයකට වකුගඩු රෝගී තත්ත්වයන් පවතින බව වකුගඩු රෝග පිළිබඳ ව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනි, ළමා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා ගුණසේකර පවසනවා.

ලෝකයේ සෑම මාර්තු මාසයක ම දෙවැනි දිනයට යෙදෙන බ්‍රහස්පතින්දා දිනය ජාත්‍යන්තර ව වකුගඩු දිනය ලෙස නම්කර ඇති අතර ඒ පිළිබඳ ව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

ඒ අනුව 2025 වන මෙම වර්ෂයේ වකුගඩු දිනය ලෙස නම් කර ඇත්තේ මාර්තු මස 13 වැනි දින එනම් හෙට දිනයයි.

වකුගඩු රෝගය පාලනය කිරීමට මෙන් ම ඉන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් වන විශේෂ වැඩසටහන් කිහිපයක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය මත ක්‍රියාත්මක කරනවා.

ලෝකයේ සියයට 10ක් පමණ ඇති වකුගඩු රෝගය හේතුවෙන් ක්‍රමයෙන් වකුගඩු අකර්මණ්‍ය වන බවත් මිලියන 850කට පමණ කාලික වකුගඩු රෝගය (Chronic kidney disease) ඇති බව ද විශේෂ වෛද්‍ය වින්ද්‍යා ගුණසේකර මහත්මිය පැවසුවා.

එමෙන්ම දකුණු ආසියාවේ සිදු කර ඇති විවිධ පර්‍යේෂණ තුළින් හෙළි ව ඇත්තේ මෙම කාලික වකුගඩු රෝගී තත්ත්වයට සියයට 10 – 20 දක්වා ඇති බවට හඳුනාගෙන තිබෙන බවයි.

එය අගයක් ලෙස ගතහොත් මිලියන 200 ත් 400ත් අතර ප්‍රමාණයක් වනවා.

මහාචාර්‍යය රජිත අබේසේකර මහතා විසින් සිදු කරන ලද මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වූ පර්‍යේෂණයකින් හෙළි ව ඇත්තේ එම ප්‍රදේශය තුළ සියයට 14ක ප්‍රජාවට කාලීන වකුගඩු රෝගීන් ලෙසයි.

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයක් විසින් විශාල වැය බරක දරනු ලබන අතර එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් 80,000ක පමණ මුදලක් වැයවනු ඇති.

එබැවින් කාලික වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ ලෙස මනා පාලනයෙන් තොර වූ දියවැඩියාව හා අධිරුධිර පීඩනය

  • ගුච්ඡිකා ප්‍රදාහය
  • වකුගඩුවල ගල් හටගැනීම
  • වෛද්‍ය නිර්දේශයකින් තොරව දිගු කාලීනව බටහිර හෝ ආයුර්වේද ඖෂධ භාවිතය
  • දිනපතා බීමට ගන්නා ජලය ප්‍රමාණය අඩු වීම
  • කැඩ්මියම් හා ආසනික් වැනි බැර ලෝහ මුසු වූ ආහාර සහ ජලය පරිභෝජනය
  • සර්ප දෂ්ටනය ,මී උණ ,වස විෂ ශරීරගත වීම හැඳින්විය හැකි වනවා.

කෙසේවෙතත් මෙම රෝගී තත්ත්වය පාලනයට සහ සුව කිරීමට හැකි අතර එහෙත් එයට මහත් ආයාසයක් දැරිය යුතු වනවා.

ජීවන රටාව සහ වැරදි ආහාර පුරුදු වෙනස් කිරීම, ඖෂධීය ප්‍රතිකාර, කාන්දු කරන ප්‍රතිකාර (dialysis) සහ වකුගඩු බද්ධ කිරීම මෙම ප්‍රතිකාර ක්‍රම බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32