මඩොල්සිම පොලිස් වසමට අයත් රෝබේරිය ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (11) රාත්‍රියේ තම බිරිඳට සහ දියණියට පිහියකින් කොටා බරපතළ තුවාල සිදුකොට, පසුව එම පුද්ගලයා ද එළවළු කොටුවේ ගසක ගෙල වැළලා ගැනීමෙන් සියදිවි හානිකරගෙන තිබෙනවා.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝබේරිය වතුයායේ ලයින් අංක 09 පදිංචි සාන්ත කුමාර හෙවත් මනි යනුවෙන් හඳුන්වන 50 හැවිරිදි අයෙක්.
සිය සැමියා විසින් මන්නයකින් කෙටීමෙන් බරපතළ තුවාල ලැබූ 47 හැවිරිදි වියෙහි පසුවන කාන්තාව සහ ඇයගේ 24 හැවිරිදි දියණිය ඊයේ රාත්‍රියේ දී ම රෝබේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
පවුල් ආරවුලක් සිද්ධියට මුල් වී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.