වෛද්‍යවරියට යුක්තිය ඉල්ලා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදු කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද දින (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වනු ඇති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම විධායක කමිටුව ඊයේ (11) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

පෙරේදා (10) රාත්‍රී 06.30 ත් 07ත් අතර කාලයේ දී මෙම සිදුවීම සිදු ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියන් සඳහා රජයෙන් වෙන් කර ඇති නිල නේවාසික නිවසක් තුළ යි.

32 හැවිරිදි වියෙහි පසුවන අදාළ වින්දිත වෛද්‍යවරිය පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන අතර ඇය තම රාජකාරි සේවාව අවසන් කර පස්වරු 06.30ත් 07ත් අතර කාලයේ දී නිල නිවාසයට පැමිණ තිබෙනවා.

සැකකරු වෛද්‍යවරියගේ පසුපසින් පැමිණ ඇයගේ ගෙලට තියුණු ආයුධයක් තබා බිය ගන්වා, ඇය ලවා ම දොර විවෘත කරගනිමින්, මුඛය, අත් – පා ගැටගසා ඇයට මෙම ලිංගික හිංසනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවත්, ඔහු අප‍රාධය සිදු කර වෛද්‍යවරියගේ දූරකථනය ද රැගෙන ගොස් ඇති බව ද සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව හෙළි ව තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ දහවල් වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය හැරුණුකොට සෙසු ප්‍රතිකාර අංශ අඩපණ වුණා.

ඒ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගෙන වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බල කරමින්.

නමුත් පොලිස් විමර්ශන කණ්ඩායම් 05ක් ඔස්සේ විමර්ශන සිදු කෙරුණ ද සැකකරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නැහැ.

එබැවින් දිවයින පුරා මෙම වෛද්‍ය වැඩ වර්ජනය සෞඛ්‍ය අංශවල (රෝහල්වල) සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?