15 හැවිරිදි දැරිය රට රැකියාවට යැවූ තිදරු පියා 12 වසරකට හිරගෙට

මව හා පියා වෙන්ව ජීවත් වීම නිසා සිය මිත්තණිය ළඟ හැදී වැඩුන 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් ව්‍යාජ උප්පැන්න සහතිකයක් හා ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් සකස් කර ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවයට යැවීම මගින් මිනිස් වෙළෙඳාමට වරදකරු කරනු ලැබූ 59 හැවිරිදි තිදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (10) වැනිදා බරපතළ වැඩ සහිත ව වසර දොළහක සිර දඬුවම් හා රුපියල් 25000ක දඩයක් නියම කෙරුණා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ ඊට අමතරව වින්දිත තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා එකී වන්දිය හා දඩය නොගෙවන්නේ නම් වසර එක හමාරක අමතර සිරදඬුවමක් ද ලබාදීමට නියෝග කෙරුණු බවයි.

දැරිය පදිංචිව සිටි කින්නියා ප්‍රදේශයේ නිවස අසල පිහිටි වෙළෙඳසලකදී අවස්ථා කිහිපයක දී ඇයව මුණ ගැසී ඇති විත්තිකරු ඇඟේ සිත තුළ සුබ සිහින මවා ඇයව කොළඹ රැගෙන විත් ඇයට වඩා වසර හතරකට පමණ වැඩිමහල් වෙනත් කාන්තාවකගේ උප්පැන්න සහතිකයක් උපයෝගී කරගෙන විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් සකස් කර ඇයව විදේශගත කිරීමට කටුනායක ගුවන් තොටුපොළට ගිය අවස්ථාවේදී තමාව ජෝර්දානයට යවනුයේ මෙහෙකාර සේවයට බව දැනගත් එම දැරිය විදේශගත නොහැකි බව පවසා හඬා ඇති බවත් විදේශගත නොවන්නේ නම් තමන් වියදම් කළ සියලු මුදල් ලබාදිය යුතු බවට තර්ජනය කර ඇයව විදේශ ගත කිරීමට පොළඹවාගෙන ඇති බවත් එම තරුණිය අධිකරණය හමුවේ දී ලබා දුන් සාක්ෂි අනුව පැහැදිලි වන්නේ යැයි විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දුන්නා.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් සරිබ් නමැති එම විත්තිකරු 2008 වසරේදී මෙම නීතිවිරෝධී ක්‍රියාව කර ඇති බවත් ඇයගේ දුප්පත්කම දඩමීමා කරගෙන තමන්ට ලැබෙන මූල්‍යමය වාසිය පමණක් සලකා විත්තිකරු කටයුතු කර ඇති බවත් සිය තීන්දුව නිකුත් කරමින් නීතීඥවරයා පෙන්වා දුන් බවයි වාර්තා වන්නේ.

බාල වයස්කාර දරුවන් වහල්භාවයට පත් කර ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම විශේෂයෙන් ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති එවැනි බාල වයස්කරුවන් මිනිස් වෙළෙඳාම සඳහා යොදවා ගැනෟම ඉතා බරපතළ වරදක් මෙන්ම මනුෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් වන බව ද විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දුන්නා.

සිය දරුවන්ට මෙන්ම අන් දරුවන්ගේ ආරක්ෂාව හා සුබ සිද්ධිය සැපයීම වැඩිහිටියතු ලෙස විත්තිකරුගේ වගකීම වූවත් ඔහු එම වගකීම පැහැර ඇති බව පෙන්නවා දුන් විනිසුරුවරයා දැරිය විදේශගත වී මාස දෙකක් ගත වීමටත් පෙර ඇය මෙහෙකාර සේවයට යොමු කළ නිවසේ නිවැසියන්ගේ හිරිහැරයට ලක් වීම නිසා ජීවිතය රැකගෙන යළි මෙරටට පැමිණීමේ වාසනාව ඇයට හිමි වී ඇති බවත් එහිදී පෙන්වා දුන් විනිසුරුවරයා
එසේ සිදු නොවුණේ; නම් අඩු වයසින් විදේශ ගතවී සිය ජීවිතව පූඩා කළ රිසානා දැරියට අත් වූ ඉරණම ම මෙම දැරියට ද අත්වීමට ඉඩ තිබුණේ යැයි ද විනිසුරුවරවයා සිය තීන්දුව ප්‍රකාශට පත් කරමින් පෙන්වා දුන්නා.

2008 වසරේදී මෙම දැරිය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇතත් ඒ පිළිබඳව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නීතිපතිවරයා වෙත උද්ධෘත යොමු කර ඇත්තේ 2010 වසරේ යන්නේ යැයි සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන් විනිසුරු නවරත්න මාරසිංහහ මහතා විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට වසර නවයක කාලයක් ගත වී ඇති බව ද ප්‍රකාශ කළා.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට දින නියම කළ තම අධිකරණය අගතියට පත් කාන්තාව අද අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙස දන්වා පසුගිය පෙබරවාරි 17 වැනිදා නිකුත් කළ නොතීසිය ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ක්‍රියා නොකිරීම කනගාටුවට කරුණක් බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව වහාම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය වෙත යොමු කිරීමට පියවර ගන්නැයි මහාධිකරණ ලේඛඛාධිකාරිවරයාට නියෝග කළා.

මෙම නඩු කටයුත්ත විත්තිය වෙනුවෙන් මෙහෙයවීමේ වගකීම නඩු කටයුත්තේ අතරමඟ දී භාරගත් නීතීඥ දිල්ශානී ලොකුසූරිය මෙනවිය රජයෙන් පත් කළ ආධුනික නීතීඥවරියක ලෙස දැරූ වෑයම ද විනිසුරුවරයාගේ ඇගයීමට ලක් වුණා.

රජයේ අධි නීතිඥ කේෂාණි විජේසිංහ මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00