රුපියල් දාහහත් කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතික තරුණියක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැනඩා ජාතික තරුණියක් ඊයේ (09) රාත්‍රියේ ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත 20 හැවිරිදි විදෙස් තරුණිය විසින් සිය ගමන් මල්ලේ සඟවා ගෙන මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනවිත් ඇති බවයි හෙළිවී ඇත්තේ.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිළි 03ක ඔතා මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17 යි ග්‍රෑම් 573ක ප්‍රමාණය මෙලෙස රැගෙනවිත් ඇති බවයි රෙගු නිලධාරීන් සඳහන් කළේ.
මැය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ එතැන් සිට ඊයේ (09) දින රාත්‍රී 08.35 ට ඉඩිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකාර තරුණිය සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.