පොලිසිය ඇතුළෙ ම අයිස් ගැහුව කොස්තාපල්ට මාංචු

අනුරාධපුර පොලිස් ස්ථානයේ වැසිකිළිය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන එක ඇත්තේ එම පොලිසියට ම අනුයුක්තව රාජකාර කරමින් සිටි කොස්තාපල්වරයෙක් බවයි.

සැකකාර කොස්තාපල් ඊයේ (08) පස්වරුවේ වැසිකිළිය තුළ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක, ඒ බව ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 170 ක් ප්‍රමාණයක් තිබී සොයාගැනුණා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින්නෙකු බවටයි තොරතුරු හෙළි කරගෙන ඇත්තේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.