අශේන් බණ්ඩාර අත්අඩංගුවට – පහරදීමේ චෝදනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (09) දහවල් පිළියන්දල පොලිසිය විසින් ඔහු ව අත් අඩංගුවට ගනු ලැබුවේ පහරදීමේ චෝදනාවක් මතයි.

පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුල් වී සිදුකළ පහරදීමක් ගැන පොලිසියට ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනුණා.

අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු ව තිබෙනවා.

සැකකාර අශේන් මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?