රුබියල්ස්ට දෙතොල් හාදුවක් නිසා ලක්ෂ ගණනක දඩ මුදලක් නියම වෙයි

2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ දී කැමැත්තකින් සහ අවසරයකින් තොරව ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකා ජෙනී හර්මෝසෝව බලහත්කාරයෙන් සිප ගැනීමේ චෝදනාවට වරදකරු වූ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ලුයිස් රුබියල්ස්ට දඩ මුදල් නියම කර තිබෙනවා.

පසුගිය සතියේ දී එරට රාජකීය අධිකරණය විසින් අදාළ ක්‍රියාව ලිංගික අතවරයක් බවට සනාථ කර ඇති අතර ඒ වෙනුවෙන් වින්දිත පාර්ශ්වයට යුරෝ 10,800 (පවුම් 8942)ක මුදලක් ගෙවන ලෙසටයි නියෝග කර ඇත්තේ.

ස්පාඤ්ඤ මහාධිකරණය විසින් එම නියෝගය ලබාදෙමින් පවසා ඇත්තේ බලහත්කාර චෝදනාවෙන් ලුයිස් රුබියෙල්ස්ව නිදහස් කෙරුණ ද හර්මෝසට එම හාදුව කැමැත්තෙන් සිදු වූවක් බවට ප්‍රසිද්ධියේ පැවසීමට බලපෑම් කිරීම මෙම දඩ මුදල් පැනවීමට හේතු බවයි.

සිඩ්නි නුවර දී 2023 දී එංගලන්තය පරාජයට පත් කළ ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම එම ජයග්‍රහණය සමරා පදක්කම් පළඳා සිටියදී දුවගෙන ආ රුබියෙල්ස් හර්මෝසෝව එකවර දෙතොල් සිප ගත් අයුරු ප්‍රසිද්ධ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වුණා.

මෙම සිදුවීමත් සමග ලෝකයෙන් ම රුබියෙල්ස් හට චෝදනා එල්ල වූයේ ඔහු වහාම සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවට දන්වමින්.

එම චෝදනා හමුවේ රුබියෙල්ස් පවසා සිටියේ තමන්ගේ රට ශූරතාව දිනූ මොහොතේ දැනුණු ඉහවහා ගිය ප්‍රීතිය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එම ජයග්‍රහණය ගෙනා ක්‍රීඩිකාවක් එලෙස සිප ගත් බවත් එය වරදක් බවත් ඊට සමාව දෙන ලෙසයි.

එහෙත් රුබියල්ස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් ස්පාඤ්ඤ වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීම එරට ජාතික කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් වර්ජනය කළා.

මෙවන් පසුබිමක් මත සිදුවීම සිදු ව සති දෙකක් ගත වීමටත් පෙර රුබියල්ස් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉවත් වූ අතර අධිකරණයෙන් නියෝග කෙරුණේ වසරක් ගත වනතුරු හර්මෝසෝ සමග සන්නිවේදන සබඳතා හෝ ඇයට සෑම විට ම මීටර් 200ක් දුරින් සිටිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46


?