රුබියල්ස්ට දෙතොල් හාදුවක් නිසා ලක්ෂ ගණනක දඩ මුදලක් නියම වෙයි

2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ දී කැමැත්තකින් සහ අවසරයකින් තොරව ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකා ජෙනී හර්මෝසෝව බලහත්කාරයෙන් සිප ගැනීමේ චෝදනාවට වරදකරු වූ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ලුයිස් රුබියල්ස්ට දඩ මුදල් නියම කර තිබෙනවා.

පසුගිය සතියේ දී එරට රාජකීය අධිකරණය විසින් අදාළ ක්‍රියාව ලිංගික අතවරයක් බවට සනාථ කර ඇති අතර ඒ වෙනුවෙන් වින්දිත පාර්ශ්වයට යුරෝ 10,800 (පවුම් 8942)ක මුදලක් ගෙවන ලෙසටයි නියෝග කර ඇත්තේ.

ස්පාඤ්ඤ මහාධිකරණය විසින් එම නියෝගය ලබාදෙමින් පවසා ඇත්තේ බලහත්කාර චෝදනාවෙන් ලුයිස් රුබියෙල්ස්ව නිදහස් කෙරුණ ද හර්මෝසට එම හාදුව කැමැත්තෙන් සිදු වූවක් බවට ප්‍රසිද්ධියේ පැවසීමට බලපෑම් කිරීම මෙම දඩ මුදල් පැනවීමට හේතු බවයි.

සිඩ්නි නුවර දී 2023 දී එංගලන්තය පරාජයට පත් කළ ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම එම ජයග්‍රහණය සමරා පදක්කම් පළඳා සිටියදී දුවගෙන ආ රුබියෙල්ස් හර්මෝසෝව එකවර දෙතොල් සිප ගත් අයුරු ප්‍රසිද්ධ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වුණා.

මෙම සිදුවීමත් සමග ලෝකයෙන් ම රුබියෙල්ස් හට චෝදනා එල්ල වූයේ ඔහු වහාම සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවට දන්වමින්.

එම චෝදනා හමුවේ රුබියෙල්ස් පවසා සිටියේ තමන්ගේ රට ශූරතාව දිනූ මොහොතේ දැනුණු ඉහවහා ගිය ප්‍රීතිය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එම ජයග්‍රහණය ගෙනා ක්‍රීඩිකාවක් එලෙස සිප ගත් බවත් එය වරදක් බවත් ඊට සමාව දෙන ලෙසයි.

එහෙත් රුබියල්ස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් ස්පාඤ්ඤ වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීම එරට ජාතික කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් වර්ජනය කළා.

මෙවන් පසුබිමක් මත සිදුවීම සිදු ව සති දෙකක් ගත වීමටත් පෙර රුබියල්ස් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉවත් වූ අතර අධිකරණයෙන් නියෝග කෙරුණේ වසරක් ගත වනතුරු හර්මෝසෝ සමග සන්නිවේදන සබඳතා හෝ ඇයට සෑම විට ම මීටර් 200ක් දුරින් සිටිය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53