විදුහල්පතිනිය ඉදිරියේදීම ගුරුවරයෙක් ගුරුවරියකට තඩිබාලා

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ විදුහලක ගුරුවරයෙක් විසින් එම පාසලේම ගුරුවරියකට පහර දී ඇති බව වාර්තා වනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක්වන චතුරි ගංගානි විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව අනාවරණය කළා.

එහිදී එම මන්ත්‍රීවරිය පැවසුවේ පාසලේ විදුහල්පතිවරිය ඉදිරියේ මෙම පහරදීම සිදුව ඇති බවයි.

ගුරුවරයාගෙන් පහර කෑ ගුරුවරිය මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් දැයි මන්ත්‍රීවරිය අග්‍රාමාත්‍යවරියගෙන් විමසා සිටි අතර, එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ අද (08) උදෑසන මෙම සිදුවීම පිළිබඳව තමන්ට වාර්තා වූ බවයි.

ඒ, අනුව අදාළ සිදුවීම පිළිබඳව සොයාබලා විනය ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවේ.

සිදුවන විමර්ශන කටයුතුවල ප්‍රගතිය අද (08) දිනය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

ඇඹිලිපිටිය – හල්මිල්ල විද්‍යාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39