ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ විදුහලක ගුරුවරයෙක් විසින් එම පාසලේම ගුරුවරියකට පහර දී ඇති බව වාර්තා වනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක්වන චතුරි ගංගානි විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව අනාවරණය කළා.
එහිදී එම මන්ත්‍රීවරිය පැවසුවේ පාසලේ විදුහල්පතිවරිය ඉදිරියේ මෙම පහරදීම සිදුව ඇති බවයි.
ගුරුවරයාගෙන් පහර කෑ ගුරුවරිය මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් දැයි මන්ත්‍රීවරිය අග්‍රාමාත්‍යවරියගෙන් විමසා සිටි අතර, එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ අද (08) උදෑසන මෙම සිදුවීම පිළිබඳව තමන්ට වාර්තා වූ බවයි.
ඒ, අනුව අදාළ සිදුවීම පිළිබඳව සොයාබලා විනය ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවේ.
සිදුවන විමර්ශන කටයුතුවල ප්‍රගතිය අද (08) දිනය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
ඇඹිලිපිටිය – හල්මිල්ල විද්‍යාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.















