ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් 09ක් තවදුරටත් රිමාන්ඩ්

අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් නවදෙනා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අදාළ සැකකරුවන් skype තාක්ෂණය ඔස්සේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට අද (07) ඉදිරිපත් කළා.