Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දීය විදේශ ඇමති එක්සත් රාජධානියට

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් අගමැති ශ්‍රීමත් කීර් ස්ටාමර් හමු වී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ඉදිරියට ගෙනයාම සහ දෙරටේ ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා..

එක්සත් රාජධානියේ අගමැතිවරයා යුක්රේන ගැටුම පිළිබඳ ඔහුගේ අදහස් ද බෙදා ගත් බව ජයිශංකර් X හි සටහනක් තබමින් පැවසුවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් ද හමුවුණා.

ව්‍යාපාර සහ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජොනතන් රෙනෝල්ඩ්ස් සමඟ පැවති සාකච්ඡාවේ දී ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කර තිබෙනවා.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා පසුගිය සතිියේ යළි ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?