කාර්මික දෝෂයක් හේතුවෙන් අයිනක නවතා තිබූ රථයේ ගැටුණු පොලිස් රිය – තරුණයෙකු මරුට

සහකාර පොලිස් අධිකාරිවරයකු ගමන් ගත් ජිප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ දී නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් තරුණයකු මිය ගොස් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය පවසනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරීවරයා කොළඹ පැවැත්වෙන රාජකාරී කටයුත්තක් සඳහා සහභාගි වීමට ඉහත කැබ්රථයෙන් පැමිණෙමින් සිටියදී ඊයේ (04) මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉහත මෝටර් රථය අධිවේගී මාර්ගයේ අයිනේ නවතා තබා තිබියදී ඉහත පොලිස් ජීප් රථය මෝටර් රථය පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථයේ රියදුරු රථයෙන් බැස එහි පිටුපස සිට ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකාරිණිය සඳහන් කළේ.

එම තරුණයා, රථයේ සිටි තවත් පුද්ගලයෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් රථයේ ගමන් ගත් තවත් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ සියලු දෙනා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තරුණයා මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කළුතර – දකුණ පදිංචි 34 හැවිරිදි තරුණයෙක්.

පොලිස් කැබ් රථය පැදවූ කොස්තාපල් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49