Empty Ad
AFC Banner
Empty Ad

පන්කෝටි විසිලක්ෂයක කුෂ් තොගයක් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට

රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (05) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මොහු ඉන්දියාවේ බැංගලෝර් නුවර රැකියාවක නිරත 34 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

අද අලුයම 01.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකරු පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ ආහාර අඩංගු පැකට් රඳවනයන් මත, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 200 ක් සඟවා ගෙන සිටියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බවයි හෙළි ව ඇත්තේ.

සැකකරු මේ වනවිට මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
විමල්ට ලෙඩක් වැටෙයි - හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවයි
23:10
Video thumbnail
ඇසිල්ලෙන් මිසිං වෙන රිලව් - අල්ලන්න හදන බුද්ධිමත් ආණ්ඩුව
04:37
Video thumbnail
නාමල් බූරු කුට්ටමේ ජෝකර් වගේ ඇට පිටින් ගංජා ගහපු එකා වගේ කියවනවා
10:23
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:25
Video thumbnail
ඔයානේ හොරු අල්ලන්න ආපු ඇමති - සජබේ චමින්ද ඇමති වසන්ත උදේම ඇවිලෙයි
06:47
Video thumbnail
හෙට වර්ජනයට අපි නම් එන්නේ නෑ
09:57
Video thumbnail
මාලිමාවේ අයගේ පඩි යන්නේ කොහෙටද ? මගේ පඩිය එන්නේ මගේ බැංකු ගිණුමට
01:00
Video thumbnail
තවත් ලෙඩක් ආණ්ඩුවට වැටෙන්න යයි - මෙන්න තවත් කට්ටියක් වර්ජනයට සැරසෙයි
14:21
Video thumbnail
මාලිමාවේ පිරිසක් සජබයට එක්වෙයි
08:58

?