Empty Ad
AFC Banner
Empty Ad

රුපියල් කෝටි තුනක් වටිනා දූරකථන ගෙනා අයෙක්ට දඩ

රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දූරකථන තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති හරිත මාවත (Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ, ගුවන් මගියෙකු අද (04) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු අද අලුයම 05.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් ගෙනැවිත් තිබූ ගමන් මළු 03 ක් තුළ Iphone , Redme සහ Samsung Galaxy යන වර්ගවලට අයත් නවීනතම ජංගම දුරකථන 111 ක් සඟවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ පිළිබඳ ව විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මංජුල අමරනායක මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ ජංගම දුරකථන සියල්ල රාජසන්තක කර රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදුම්කරුවන් CIDයෙන් එළියට ඇවිත් - කළ විශේෂ ප්‍රකාශය
05:39
Video thumbnail
රිලව් මොණරු අල්ලන එක - ප්‍රායෝගික වැඩක් නෙවෙයි - මෙයාලා මේ ඇදගෙන නාන්නේ
07:30
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:47:19
Video thumbnail
රවී කුමුදේශ් ඇමති නලින්දට - වගකීම මතක් කරයි #nalindajayatissa
02:34
Video thumbnail
ආසාද් සාලි ආණ්ඩුවට අමුවෙන්ම දෙසයි - ඡන්දෙ දීපු අයට රිදෙයි - කරන්න දෙයක් නෑ
04:42
Video thumbnail
මාලිමාවේ මහින්ද ටියුෂන් පටන් ගනියි
16:06
Video thumbnail
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්
04:23
Video thumbnail
සුමන්තිරන් මාධ්‍ය හමුවක් තියලා ගේම ඉල්ලයි - බඩුම තමයි
02:46
Video thumbnail
තාම කස කාරයෝ යන්නේ - පෙරහැර එන්නේ පස්සේ
00:14

?