ඉෂාරා සොයා දෙන්නෙකුට පොලිස් අරමුදලින් ලක්ෂ 12ක තෑග්ගක්

ගනේමුල්ල සංජීව නම් සංවිධානාත්මක අපරාධකරු අධිකරණ භූමිය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකාර කාන්තාව වන ඉෂාරා සෙව්වන්දි සති දෙකකට ආසන්න කාලයක් අතුරුදන් ව සිටිනවා.

තවමත් ශ්‍රී ලංකා පොලිසියට සහ විශේෂ කාර්‍යය බලකාය ඇතුළු ආරක්ෂක අංශ කෙතරම් පරිශ්‍රමයක් දැරුව ද සැකකාරිණිය අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඇය අත් අඩංගුවට ගැනීම සඳහා පසුගියදා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ද ඉල්ලා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර ඇත්තේ සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක අමතා හැකි විගස දැනුම්දෙන ලෙස යි.

මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්ෂ 12ක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙනවා.

මීට පෙර ලබා දීමට එකඟ වී තිබුණේ රුපියල් ලක්ෂ 10ක මුදලක්.

නමුත් දින 14ක් ගත වුව ද සැකකාරිණිය සොයා ගත නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය යළිත් එම ත්‍යාග මුදල් ප්‍රමාණය ඉහළ නංවා ඇති බවත් දැකිය හැකියි.

එබැවින් අදාළ සැකකාරිණිය ගැන යම් නිවැරදි තොරතුරක් දෙන අයෙකුගේ රහස්‍යභාවය අතිශයින් ම සුරක්ෂිත කිරීමට ද ශ්‍රී ලංකා පොලිසිය කැප වී සිටින බව ද නිවේදනය කරනවා.

සැකකාරිණිය පිළිබඳ ව යම් තොරතුරක් වෙතොත් දුරකථන අංක 071 – 8591727 (අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය) හෝ 071 – 8591735 (ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය) වෙත දැනුම්දෙන ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18