Empty Ad
AFC Banner
Empty Ad

සිපෙට්කෝ ඉදිරිපත් කළ නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන්ගේ කැමැත්ත – CID වෙතත් කැඳවයි

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කරන ලද නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ යෝජනාවලිය සාකච්ඡා කිරීම සඳහා තවත් සාකච්ඡාවක් එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

තෙල් ගැනුම්කරුවන් තමන්ට අදාළ කරුණු ප්‍රමාණයකුත් ඉදිරිපත් කර ඇති බවත් එම කරුණු සාකච්ඡා කිරීම සඳහා නව සූත්‍රය ක්‍රියාත්මක වන අතරතුර බෙදුම්කරුවන්ගේ යෝජනාවලටත් ඇහුම්කන් දීම සඳහා යළිත් වතාවක් රැස්වීමට නියමිත බව ද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණා.

මේ අතර දින දෙකක් පුරාවට තෙල් බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින්, පාරිභෝගිකයින් අපහසුතාවට පත් කිරීමේ සිද්ධියට ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා තෙල් බෙදාහරින්නන්ගේ සංගමයේ කිහිපදෙනෙකු අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

මෙම ප්‍රකාශ ලබාදීම සඳහා ඛනිජ තෙල් බෙදා හරින්නන්ගේ සංගමයේ දෙදෙනකු පැමිණ සිටි බවයි වාර්තාකරු පැවසුවේ.

ඒ එම සංගමයේ උප සභාපති වන කුසුම් සඳනායක මහතා සහ විධායක සභික ශාන්ත සිල්වා යන මහත්වරුන් බව ද සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?