සිපෙට්කෝ ඉදිරිපත් කළ නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන්ගේ කැමැත්ත – CID වෙතත් කැඳවයි (වීඩියෝ)

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කරන ලද නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ යෝජනාවලිය සාකච්ඡා කිරීම සඳහා තවත් සාකච්ඡාවක් එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

තෙල් ගැනුම්කරුවන් තමන්ට අදාළ කරුණු ප්‍රමාණයකුත් ඉදිරිපත් කර ඇති බවත් එම කරුණු සාකච්ඡා කිරීම සඳහා නව සූත්‍රය ක්‍රියාත්මක වන අතරතුර බෙදුම්කරුවන්ගේ යෝජනාවලටත් ඇහුම්කන් දීම සඳහා යළිත් වතාවක් රැස්වීමට නියමිත බව ද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණා.

මේ අතර දින දෙකක් පුරාවට තෙල් බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින්, පාරිභෝගිකයින් අපහසුතාවට පත් කිරීමේ සිද්ධියට ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා තෙල් බෙදාහරින්නන්ගේ සංගමයේ කිහිපදෙනෙකු අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

මෙම ප්‍රකාශ ලබාදීම සඳහා ඛනිජ තෙල් බෙදා හරින්නන්ගේ සංගමයේ දෙදෙනකු පැමිණ සිටි බවයි වාර්තාකරු පැවසුවේ.

ඒ එම සංගමයේ උප සභාපති වන කුසුම් සඳනායක මහතා සහ විධායක සභික ශාන්ත සිල්වා යන මහත්වරුන් බව ද සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47