හැටන් පොලිස් වසමේ ෂැනන් වත්ත ප්‍රදේශයේ කේ.ටී. කොටසේ ලයිම් කාමර පෙළක හදිසි ගින්නක් හටගත්තා.
ඊයේ (03) රාත්‍රියේ දී මෙම ගින්න හටගෙන ඇති අතර හැටන් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, හැටන් ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසින්ගේ සහාය ඇති ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.
නමුත් මෙම ගින්නෙන් ලයිම් කාමර 24 ක් පමණ විනාශ වී තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් ගින්නෙන් දේපල හානි සිදු ව ඇති අතර සුළු තුවාල ලැබූ තිදෙනෙකු දික්ඔය හා නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1